බස් රථයක ගමන් කරමින් සිටි 27 හැවිරිදි තරුණියකගේ කෙස් කළඹින් අඩියක පමණ ප්‍රමාණයක් කතුරක් භාවිතා කරමින් කපා ඉවත් කළ බව කියන මුරුතලාව ප්‍රදේශයේ පල්ලියක මවුලවිවරයෙකු බව කියන පුද්ගලයෙකු මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම තරුණිය කටුගස්තොට සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක අසුන් ගෙන සිටියදී එම අසුනේ පිටුපස අසුනේ සැකකරු වාඩිවී සිටිමින් එසේ ඇයගේ කොණ්ඩය කපා දමා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම සිද්ධියට මුහුණ දුන් තරුණිය එම අවස්ථාවේදීම ඇයගේ ජංගම දුරකථනයෙන් සැකකරු සහ ඔහු විසින් කපා දැමූ කොණ්ඩයේ කොටසද වීඩියෝ ගත කර තිබුණි.
මඩවල ප්‍රදේශයේ පදිංචි එම තරුණිය කිසියම් අවශ්‍යතාවයක් සඳහා මහනුවර බලා ගමන් කරමින් සිටියදී සිද්ධියට මුහුණ දී ඇත.
ඇයගේ දැනුම්දීමට අනුව බස් රථයේ මගීන් විසින් සැකකරුව එම මොහොතේම අල්ලා පොලිසියට භාරදී තිබේ.
එසේ අත්අඩංගුවට ගත් සැකකරු මුර්තලාව දෙහිඅංග උතුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු ඊයේ (13) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
