ජනාධිපතිවරණයට නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරන බව එම කොමිසමේ සභාපති එන්.එම්.ආර්.එල්. රත්නායක මහතා පවසනවා.
රත්නායක මහතා පැවැසුවේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථානුකූලව ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමේ බලය අනිද්දා (17) මැතිවරණ කොමිසමට ලැබෙන බවයි.
නාම යෝජනා කැඳවන දිනය මෙම මස අගදී ප්‍රකාශයට පත් කිරීම තුළින් ජනාධිපතිවරණයට සූදානම් වීම සඳහා මැතිවරණ කොමිසමට ප්‍රමාණවත් කාලයක් ලැබෙන බවද ඒ මහතා ප්‍රකාශ කළා.
විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම මැතිවරණ කොමිසමෙන් ඉල්ලා ඇත්තේ හැකි ඉක්මනින් ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමේ දිනය ප්‍රකාශයට පත් කරන ලෙසයි.