කටුනායක අධිවේගී මාර්ගයේ වූ රිය අනතුරකින් මරණයට පත් වූ සනත් නිශාන්ත මහතාගේ බිරිද චමරි ප‍්‍රියංකා මහත්මිය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන වේදිකාවට එක්විය.
ඒ එම පක්‍ෂයේ දිවුලපිටිය ආසන සමුළුව එහි ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදීය.
ඇය එහිදී පවසා සිටියේ මහින්ද රාජපක්ෂ යනු කළු ගලක් මෙන් නොසෙල්වෙන නායකත්වයක් බවයි.
එම අවස්ථාවේදී ප්‍රියංකා මහත්මිය අභාවප්‍රාප්ත සනත් නිශාන්ත ගැන සිහිකරමින් වේදිකාවේ හඬා වැටුණු අතර සනත් නිශාන්තගේ දේශපාලන ගමනට හයියක්, ශක්තියක් වූයේ තමන් බවද ඇය සිහිපත් කළා.
ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ දරුවන් සිවු දෙනෙකෙුගේ කදුළු සමඟ තමන් පක්‍ෂය වෙනුවෙන් තමන් නැගිටින බවයි.
