Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ධාවන ඉසව් ඇතුළු තරගවලට සහභාගී වන පාසල් සිසුන්ට ක්‍රීඩා වෛද්‍ය සහතිකය අනිවාර්ය කරයි

9 months ago 862

ධාවන ඉසව් ඇතුළු දැඩි ලෙස කය වෙහෙසා සිදු කරන ක්‍රීඩාවලට සහභාගි වන පාසල් ළමුන්ට එම ක්‍රීඩාවල නිරත වීමට ප්‍රථම ක්‍රීඩා වෛද්‍ය සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ පසුගිය කාලයේ විවිධ ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වූ පාසල් ළමුන් අවාසනාවන්ත ලෙස මිය යාම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

එම සහතිකය ප්‍රධාන රෝහල්වල ක්‍රීඩා වෛද්‍ය ඒකක මඟින් ලබා ගැනීමට හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ.

එම ක්‍රීඩා වෛද්‍ය ඒකක සඳුදා සිට සිකුරාදා දක්වා දවස පුරා සහ සෙනසුරාදා උදේ වරුවේ විවෘතව පවතින බව සඳහන්.

එහිදී ECG පරීක්‍ෂණ සිදු කෙරෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

වෛද්‍ය පරීක්ෂණය සඳහා සහභාගී වීමට ප්‍රථමව දිනයක් වෙන් කර ගැනීම මගින් ඇතිවිය හැකි අනවශ්‍ය කලබලය මගහරවා ගත හැකි බව අමාත්‍යාංශය සඳහන් කරනවා.

එලෙස ලබා ගන්නා ක්‍රීඩා යෝගීතා සහතික වසරක කාලයක් සඳහා වලංගු වන අතර

ක්‍රීඩා යෝග්‍යතා සහතිකය වසරක් දක්වා වලංගු වන අතර එම සහතිකය හිමි ක්‍රීඩකයෙකු ක්‍රීඩා ඉසව්වක් සඳහා සහභාගී වීමට දින 3ක් ඇතුළත ඔහුගේ පවුලේ වෛද්‍යවරයා හරහාද සහතික කර ගත හැකියි.

සෞඛ්‍ය අමාත්‍යාංශ වැඩිදුරටත් සඳහන් කළේ ක්‍රීඩා යෝගිතා සහතික නිකුත් කිරීම සඳහා අවසරය තිබෙන්නේ ක්‍රීඩා වෛද්‍ය නිලධාරීන්ට පමණක් බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *