කැනඩාවේ ටොරෙන්ටෝ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙපිරිසක් අතර පසුගිය ඉරිදා ඇති වූ ගැටුමක් අතරතුර සිදුකළ වෙඩි තැබීමකින් 29 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකු මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, යාපනය සිට කැනඩාවට ගොස් එරට ව්‍යාපාරික කටයුතු සිදුකරමින් සිටි යාපනය, මීසාලේ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.
ඔවුන්ට අයත් ව්‍යාපාරික ස්ථානයේදී එරට ව්‍යාපාරිකයින් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී ඇති අතර එහිදී එක් පාර්ශ්වයක් විසින් සිදුකළ වෙඩි තැබීමකින් එම තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෙඩි තැබීමෙන් තවත් කැනඩා ජාතිකයෙකු මියගොස් ඇති බවත් තවත් එක් අයෙකු තුවාල ලබා ඇති බව වාර්තා විය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි
