මාතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් හෙරොයින් ග්‍රෑම් 210ක් සමග රජයේ පාසලක අනධ්‍යයන සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇයව ඊයේ (15) පස්වරුවේදී වැලිගම පොලිස් වසමේ බෝධිමළුව විහාරය අසලදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
එම සැකකාරිය මෑත කාලයේදී මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා සම්බන්ධ වී ඇති අතර මිදිගම ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මත්ද්‍රව්‍ය මෙලෙස බෙදා හැරීමේ කටයුතු සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.
ඇය විසින් විදෙස්ගතව සිට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයින් විසින් නම් කර එවනු ලබන පුද්ගලයින් වෙත මත්ද්‍රව්‍ය ලබාදීම සිදුකර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
ඇය කිසිම අවස්ථාවක මෙම ජාවාරම සඳහා පාසල සම්බන්ධ කර ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාතර අපරාධ කොට්ඨසය හා වැලිගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.
