මේ දිනවල ළමයින් අතර උණ සහ කැස්ස මෙන්ම සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයේ වැඩිවිමක් මෙන්ම ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේද වැඩි වීමක්ද දක්නට ඇති බව කොලඹ රිජ්වේ ආර්යා ළමා රෝහළේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
මෙම රෝගය පහසුවෙන්ම බෝවිය හැකි බැවින් මුඛ ආවරණයක් පැළදීමෙන් යම්කිසි ආරක්ෂාවක් සලසා ගත හැකි බවයි වෛද්‍යවරයා පවසන්නේ.
මෙම රෝග ලක්ෂණ ඇති දරුවන් පාසලට හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයට නොයවන ලෙස ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.
මෙම රෝගය පිළිබඳ දැනගතහොත් පැරසිටමෝල් මාත්‍රාව ලබාදීම සුදුසු යැයි ද ලා උණු වතුරෙන් ඇග සෝදා උණ අඩුකර ගැනීමට ක්‍රියා කිරීම සුදුසු බව වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
එමෙන්ම මෙම රෝගය වැළඳුණු දරුවන් හට විවේකය මෙන්ම ස්වභාවික දියර ආහාර ලබාදීමද වැදගත් බව සඳහන්.
කෙසේ වෙතත්, මෙම රෝගය සුවවීමෙන් අනතුරුව පවා ළමුන්ට ටික කලක් කැස්ස පැවතිය හැකි බව ද සඳහන් වනවා.
ඒ මහතා පැවසුවේ ඇතැම් සීතල රටවල ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහා ප්‍රතිශක්තිකරණයක් ලබා දෙන බවයි.
එම ඖෂධ අවුරුදු 02ට අඩු දරුවන්, අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්, ගර්භණී මාතාවන්, ශ්වසන රෝග නිදන්ගතව පවතින පුද්ගලයන්ට ලබා දෙන බව වෛද්‍යවරයා පැවසීය.
මෙම ඖෂධ ප්‍රතිශක්තීකරණය අඩු අයට තරමක් අවධානම විය හැකි බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පවසා කළා.