කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වු බස් රථයක් සහ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වු බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා
මැල්සිරිපුර, පන්ලියද්ද ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබේ.
එම අනතුරින් මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වු බස් රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 8 දෙනෙකු රෝහල්ගත කර ඇති බව සඳහන්.
මැල්සිරිපුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
