Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බදු නොගෙවන මාසික ආදායම ලක්ෂය ඉක්ම වූ තැනැත්තන්ට වැඩ වරදින ලකුණු

7 months ago 4.8 K

නව බදු පැනවීමට පෙර, ගෙවීම් පැහැර හැර ඇති හා කල්ගිය බදු මුදල් අය කරගැනීම පිලිබඳව අවධානය යොමුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඔහු පවසන්නේ, ඒ සඳහා දැනට පවත්නා නීතී යාවත්කාලීන කර, එසේ පැහැර හරින බදු අය කරගැනීම සඳහා සුවිශේෂී වැඩපිළිවෙලක් දියත් කරන බවයි.

ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ,

“යම් ආකාරයකින් තමන්ට බදු ගෙවීමේ අසීරුතාවයක් ඇති නම් ඒ පිළිබඳව අභියාචනා කිරීමට මෙන්ම ඒ පිළිබඳව උසාවි යෑමට ඔවුන්ට අයිතියක් තිබෙනවා. එවැනි ඇතැම් උසාවි ක්‍රියාමාර්ග වසර 30කට පමණ වැඩි කාලයක් දිගින් දිගට දිග්ගැසෙමින් පැවතීම හේතුවෙන්, අධිකරණ ක්‍රියාමාර්ගය අවසන් වනවිට ඇතැමුන් මියගොසින්.”

එමෙන්ම බදු ගෙවීමට යටත් වන්නේ මසකට රුපියල් ලක්ෂයකට වැඩි ශුද්ධ ආදායමක් ඇති අයෙක් පමණක්‌ බවත්, ඔහු වෙනත් තැනකින් බදු ගෙවීමක් කර ඇත්නම් නැවත ඔහු බදු ගෙවිය යුතු නැති බවත් අමාත්‍යවරයා පවසනවා.

එසේම බදු පැහැර හරින්නන් හසු කරගැනීම වෙනුවෙන් කළ හැකි ශක්තිමත්ම දැළ එලා ඇති බවත්, තොරතුරු තාක්ෂණය සමගින් පවත්නා නීති යාවත්කාලීන කිරීමට පියවර ගනිමින් ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *