රුවන්වැල්ල පොලිස් වසමේ යටියන්තොට ප්‍රදේශයේ මිය ගිය සිව් හැවිරිදි දැරිය ඇයගේ මව විසින් ළිඳට දමා ඝාතනය කර ඇතැයි අනාවරණය වී තිබෙනවා.
ඊයේ (17) දින එම දැරිය පදිංචි ප්‍රදේශයේ ළිඳකට වැටී මිය ගොස් ඇතැයි රුවන්වැල්ල පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කරනු ලැබුවා.
මියගිය දැරිය කිරිපෝරුව වත්ත, යටියන්තොට ප්‍රදේශයේ පදිංචි අවුරුදු 4යි මාස 10ක් වයසැති දැරියක්.
එම ඛේදවාචකය සිදුව ඇත්තේ පසුගිය 16 වනදා රාත්‍රී 11ත් පසුදින අලුයම 5.30ත් කාලයේදී බවයි අනාවරණය වී ඇත්තේ.
පොලීසිය සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ දැරියගේ මව විසින් දැරිය ළිඳට දමා ඝාතනය කර ඇති බවයි.
මියගිය දැරියගේ මව කථානාබාධිත කාන්තාවක් වන අතර, ඇය අසනීප තත්ත්වයෙන් පසුවූ බැවින් කරවනැල්ල රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
දැරියගේ මෘත ශරීරය මේ වනවිට ඥාතීන්ට භාර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලීසිය වැඩිදුරට පරීක්ෂණ පවත්වනු ලබනවා.