Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගෝල් කණ්ඩායම LPL අවසන් මහ සටනට පහසුවෙන්ම සුදුසුකම් ලබයි

11 months ago 1.9 K

2024 එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ගෝල් මාවල්ස් කණ්ඩායම අද (18) සමත් වුණා.

ප්ලේ ඕප් වටයේ පළමු සුදුසුකම් ලැබීමේ තරගය (Qualifier 1) ලෙසින් පැවැති මෙම තරගයෙන් ජැෆ්නා කණ්ඩායම පරදා කඩුලු 07ක ජයක් ලැබීමට ඔවුන් සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 177ක් රැස් කළේය.

ලකුණු 178ක ඉලක්කයක් හඹා ගිය ගෝල් කණ්ඩායම කඩුලු 03ක් පමණක් දැවී තිබියදී තරගයේ 18.1වැනි පන්දුවාරයේදී ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිතර වූ ටිම් සෙයිෆර්ට් පන්දු 41කින් නොදැවී ලකුණු 62ක් රැස්කිරීමට සමත් වුණා.

ඊට අමතරව ජනිත් ලියනගේ පන්දු 36කින් වටිනා ලකුණු 56ක් රැස්කරමින් මාවල්ස් ජය තවත් පහසු කළා.

කෙසේ නමුත් පරාජය වූ ජැෆ්නා කණ්ඩායම තරගාවලියෙන් ඉවත් නොවන අතර, ඔවුන් අද පස්වරුවේ පැවැත්වෙන කලම්බු ස්ට්‍රයිකර්ස් – කැන්ඩි ෆැල්කන්ස් තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමගින් අනිද්දා (20දා) නැවත වරක් අවසන් මහා තරගය සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගයට (Qualifier 2) ක්‍රීඩාකිරීමට අවස්ථාව හිමිවෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *