Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දරුවන්ට මවුකිරි දීමේ වැදගත්කම පිළිබඳව සෞඛ්‍ය අංශ වෙතින් දැනුවත්කිරීමක්

7 months ago 2.8 K

දරුවන්ට මවුකිරි ලබාදීම ඉතාමත් ප්‍රශස්ථ ආයෝජනයක් බව යුනිසෙෆ් සංවිධානයේ සෞඛ්‍ය හා පෝෂණ නිලධාරී ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ධම්මිකා රොවෙල් පවසනවා.

එය දරුවාගේ සෞඛ්‍යට ඉතාමත් හිතකර සහ පෝෂණය අතින් දරුවාට ලබාදිය හැකි හොඳම දෙයද වන බව ඇය ඊයේ (17) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේදී මවුකිරි දීමේ වැදගත්කම අවධාරණය කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

දරුවෙකුගේ උපතේ සිට පළමු පැයේදී මවුකිරි දීම ඇරඹීමත්, පළමු මාස 06 මවුකිරි පමණක් ලබාදීමත් දරුවාට අවුරුදු 02ක් හෝ ඊට වැඩි කාලයක් අමතර ආහාරත් සමග මවුකිරි ලබාදීමත් මගින් දරුවාගේ බුද්ධි වර්ධනයට ප්‍රබල බලපෑමක් සිදුවන බව ඇය පැවසුවා.

නිවැරදිව මවුකිරි දීම මගින් වසරකට මාතෘ මරණ ලක්ෂයකට වඩා අඩු කරගත හැකි බවත් මෙමගින් කාන්තාවන්ට බහුලව සෑදෙන පියයුරු පිළිකා, ඩිම්බකෝෂ පිළිකා, දියවැඩියාව ආදී රෝග සෑදීම වළක්වාගත හැකි බවත් ළමා මරණ ලක්ෂ 06කට වඩා අඩු කරගත හැකි බවත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ධම්මිකා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *