Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගුවන් පාලම් දෙකක් නිසා බන්දුල හා ජොනී විරසක වෙයි

9 months ago 3.7 K

හොරණ – කොළඹ ප්‍රධාන මාර්ගයට ඉහළින් කොහුවල මංසන්ධියේ ඉදි කරන ලද ගුවන් පාලම ඊයේ (17) පෙරවරුවේ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා.

කෙසේවෙතත් අදාළ ගුවන් පාලම් ව්‍යාපෘතිය පසුගිය රජයේ හිටපු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් හංගේරියානු රජය සමග සාකච්ඡා කර මේ සදහා මුදල් ප්‍රතිපාදන වෙන කරවාගෙන ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් බවට වාර්තා වනවා.

නමුත් මෙහි විවෘත කිරීමේ උත්සවය සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට කිසිදු ආරාධනයක් නොකිරීම සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දැඩි විරෝධයක් එල්ල කර ඇති බව වාර්තා වනවා.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහාමාර්ග අමාත්‍යවරයාව සිටියදී ආරම්භ කරන ලද කොම්පඤ්ඤ වීදිය ගුවන් පාලම විවෘත කරන අවස්ථාවටද ඔහුට ආරාධනා නොකිරීමට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කටයුතු කර තිබුණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *