Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය එක්දින හා T20 සංචිත නම් කරයි! කෝලිත, රෝහිත් ප්‍රබල තරුත් ලංකාවට!

9 months ago 3 K

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉදිරියේදී ආරම්භවීමට නියමිතව තිබෙන තරග තුන බැගින් වූ එක්දින හා විස්සයි20 තරගාවලියට තෝරාගත් ඉන්දීය සංචිත අද (18දා) පස්වරුවේ ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

මින් එක්දින තරගාවලියෙන් විවේක ගනු ඇති බවට තොරතුරු වාර්තා වී තිබූ රෝහිත් ශර්මා, විරාට් කෝලි ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මෙම තරගාවලියට කැඳවා තිබීම විශේෂත්වයක්.

ඉන්දීය නව ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර්ගේ පළමු වගකීම වන්නේද මෙම ශ්‍රී ලංකා සංචාරයයි.

තරගාවලිය ආරම්භ කරමින් පළමුව විස්සයි20 තරග පැවැවෙන අතර, එම තරග මේ මස 27, 28 සහ 30 යන දිනවල පල්ලෙකැලේදී පැවැත්වේ.

ඉන් අනතුරුව අගෝස්තු 02, 04 සහ 07 යන දිනවලදී තරග තුනකින් යුත් එක්දින තරගාවලිය කොළඹදී පැවැත්වේ.

ඉන්දීය එක්දින සංචිතය

රෝහිත් ෂර්මා (නායක), ශබ්නම් ගිල් (උපනායක), විරාත් කෝලි, කේ.එල්. රාහුල් (කඩුලු රකින්නා), රිෂාබ් පාන්ට් (කඩුලු රකින්නා), ශ්‍රෙයාස් අයියර්, ශිවාම් ඩුබේ, කුල්දීප් යාදව්, මොහොමඩ් සිරාජ්, වොෂින්ටන් සුන්දර්, අර්ෂ්දීප් සිං, රියන් පරාග්, අක්සාර් පටෙල්, ඛලීල් අහ්මඩ්, හර්ෂිත් රානා

ඉන්දීය විස්සයි20 සංචිතය

සූර්යකුමාර් යාදව් (නායක), ශුබ්නම් ගිල් (උපනායක), යෂස්වි ජයිස්වාල්, රින්කු සිං, රියන් පරාග්, රිෂාබ් පාන්ට් (කඩුලු රකින්නා), සංජු සැම්සන් (කඩුලු රකින්නා), හර්දික් පාණ්ඩ්‍යා, ශිවම් ඩුබේ, අක්සාර් පටෙල්, වොෂින්ටන් සුන්දර්, රවී බිෂ්නෝයි, අර්ෂ්දීප් සිං, ඛලීල් අහ්මඩ්, මොහොමඩ් සිරාජ්

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *