Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාස්පෝට් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්! කැරලි මර්දන ඒකකයත් කැඳවයි!

9 months ago 5.2 K

විදෙස් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත්‍ර අයදුම් කිරීම නව ක්‍රමවේදයක් ඔස්සේ අද (19) සිට නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පසුගිය 17 වැනිදා නිවේදනය කර තිබුණි.

ඒ අනුව අයදුම්කරුවෙකු නව විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමට හෝ අලුත් කරගැනීම සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ අනිවාර්යෙන්ම දිනයක් හා වේලාවක් වෙන් කරගත යුතු වෙයි.

එය එක්දින සේවය හා සාමාන්‍ය සේවය යන දෙවර්ගය සඳහාම වලංගු වන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මෙවන් පසුබිමක අද උදෑසනත් ජනතාව විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා බත්තරමුල්ලේ ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත පැමිණ තිබුණි.

එහිදී දිනයක් හා වේලාවක් වෙන් කරගෙන පැමිණි පිරිස් වෙත පමණක් අවස්ථාව ලබාදෙන බවට නිවේදනය කිරීමෙන් අනතුරු උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.

මේ හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට දිගු පෝලිම් හා තදබදයක් දක්නට ලැබුණු අතර පොලීසිය හා කැරලි මර්දන ඒකකය ද කැඳවීමට සිදුවිය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *