ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව කොළඹ නගරය පුරා දැන්වීම් අලවා තිබෙනවා.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Play Off වටයේ තරග පැවැත්වෙමින් පවතින පසුබිමක මෙවැනි දැන්වීම් අලවා තිබීමත් විශේෂත්වයක්.
සිංහල හා ඉංග්‍රීසී යන භාෂා ද්විත්වයෙන්ම අලවා ඇති පෝස්ටර් මඟින් අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දූෂිත බවයි.
“ශ්‍රී ලංකා ක්‍රිකට් සූදු තිත්පොලක් වී හමාරයි.! ක්‍රිකට් ක්‍රීඩාව බේරාගනිමු” යනුවෙන් සිංහල භාෂාවෙන් සටන් පාඨ ලියා තිබෙනවා.
“ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් හා ලංකා ප්‍රිමියර් ලීග් සූදූකරුවන්ට විරුද්ධව වහා පියවර ගත යුතුයි” යනුවෙන් ඉංග්‍රීසියෙන් ලියා තිබීමත් විශේෂත්වයක්.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා මහබැංකුවට පැමිණිල්ලක් ද අද (19) ඉදිරිපත් කළා.
