Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අයි.එම්.එෆ්. වැඩ අල්ලයි! අන්ත දූෂිත රේගු ලොක්කන් 4කට වැඩ වරදී!

10 months ago 5.5 K

රේගුවේ දූෂණ වැලැක්වීම සදහා අයි.එම්.එෆ් නිර්දේශය මත ස්ථාපිත කරන ලද විශේෂ විමර්ශන ඒකකය, වහාම ක්‍රියාත්මක වන පරිදි දූෂිත රේගු නිළධාරින් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

වැඩ තහනමට ලක්ව ඇති දූෂිත නිළධාරීන් සිව් දෙනා, රේගුවේ ඉහළ තනතුරු දරන අය වෙති.

ඔවුන්ගෙන් එක් අයෙකු රේගුවේ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකි. තවත් අයෙකු නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකි.

අනෙක් දෙදෙනා රේගු අධිකාරීවරයෙක් සහ සහකාර රේගු අධිකාරිවරයෙකි.

මෙම නිළධාරීන්ගේ වැඩ තහනම් කර ඇත්තේ ඔවුන් නීති විරෝධී භාණ්ඩ සහිත කන්ටේනරයක් රේගුවෙන් පිටමන් කිරීමට කටයුතු කර ඇති බැවිනි.

අදාල කන්ටේනරය තුල තිබී ඇත්තේ, ඖෂධ නියාමන අධිකාරියේ අවසරයකින් තොරව දිවයිනට ගෙන්වා ඇති සුවද විලවුන්, ලිප්ස්ටික්, නිය ආලේපන සහ සම පැහැපත් කිරීමේ ක්‍රීම් තොගයකි.

රජයේ ප්‍රධාන ආදායම් උත්පාදන මධ්‍යස්ථාන තුන වන රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතන වල සිදුවන දූෂණ අක්‍රමිකතා වැලැක්වීම සදහා විශේෂ ඒකකයක් පිහිටුවන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට නිර්දේශ කර තිබුණු අතර, එම නිර්දේශ අනුව, ප්‍රථම ඒකකය පිහිටුවා ඇත්තේ රේගුව තුළයි.

රේගුවේ ඉහළම නිළධාරීන්ගේ මැදිහත් වීම මත සිද්ධ වූ මෙම වංචාව අල්ලා ගැනීම සදහා කටයුතු කර තිබෙන්නේ එම විශේෂ විමර්ශන ඒකකයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *