2015 වසරේ ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන අවස්ථාවේදී ජයම්පති වික්‍රමරත්න නීතිඥවරයාගෙන් සිදු වූ අතපසුවීමක් හේතුවෙන් වත්මන් ගැටලු සහගත තත්ත්වය ඇති ව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා පැවසුවේ තමන් ඒ සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවය.
ඔහු පැවසුවේ සර්වජන ඡන්ද බලය හිමිවීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදය අඛණ්ඩව ක්‍රියාත්මක එකම රට ශ්‍රී ලංකාව වන බවත් එම තත්ත්වය ඉදිරියටත් රැකගැනීමට තමන් කැප වන බැවින් ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර නොගත යුතු බවත්ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ගාල්ල, බෙලිගහ ප්‍රදේශයේ ඉදිකළ නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (19) එක්වෙමිනි.
