මීට පෙර තීරණය කළ පරිදි සඳුදා සිට සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹෙන බව ගුරු – විදුහල්පති වෘත්තිය සමිති පවසයි.
ඊයේ(19) අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, මහා භාණ්ඩාගාර නිලධාරීන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයන් සමඟින් සාකච්ඡාවක් පැවැත්විණි.
නමුත් පැවති සාකච්ඡා ආසාර්ථක වූ බැවින් පෙර තීරණය කළ පරිදි වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව ඔවුන් පවසනවා.
