සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමට පැමිණි වෙඩික්කරුවන් දෙදෙනා හඳුනාගෙන ඇති බවට පොලිස් ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව ඉදිරියේ දී තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතයි.
ඒ අතර කාන්තාවක් ද සිටින බවට තොරතුරු වාර්තා වනවා.
පසුගිය ජූලි මස අට වැනිදා අතුරුගිරියේ දී සිදු වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 07ක්.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.
අධිකරණ අවසරය මත සැකකරුවන්ගෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයක දී සෙසු පිරිස සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී ඇති බව සඳහන්.
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කළ වෙඩික්කරුවන් දෙදෙනා හිටපු ආරක්ෂක අංශ සාමාජිකයින් බවට පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.
ඔවුන්ට පලා යාම වෙනුවෙන් වෑන් රථයට සහ මෝටර් රථයට අමතරව විශේෂ බස් රථයක්ද සූදානම් කර තිබී ඇතැයි හෙළිව ඇති බවද සඳහන්.
ඔවුන් එමගින් පළා ගොස් ඇති බවට ද මූලික විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.
ඔවුන් දෙදෙනා ඇතුළු ඝාතනයට සම්බන්ධ වූ පිරිස මාස 06ක කාලයක් සඳහා රුපියල් ලක්ෂ 06ක මුදලක් ලබා දී අතුරුගිරිය ප්‍රදේශයේ කුලී නිවසක්ද ලබාගෙන සිට ඇතැයි විමර්ශණවලින් හෙළිව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත සිදු කෙරෙනවා.