බංග්ලාදේශය තුළ දැනට උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්වය හමුවේ, එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා හෙට සිට සිදු කිරීමට නියමිතව තිබූ නිල විදෙස් සංචාර අවලංගු කර තිබෙනවා.
ඒ අනුව ඇය මින් පෙර සැලසුම් කර තිබුණු ස්පාඤ්ඤ හා බ්‍රසීල නිල විදෙස් සංචාර ද්විත්වය අවලංගු කර තිබෙනවා.
රැකියා කෝටාවට එරෙහිව දියත් කරන සිසු විරෝධතා පොලිසියට පාලනය කිරීම නොහැකි පසුබිමක මේ වන විට බංග්ලාදේශය පුරා ඇඳිරි නීතිය පනවා ඇති අතර විරෝධතා පාලනය සඳහා හමුදාව කැඳවීමට ද තීරණය කර තිබෙනවා.
එමෙන්ම එක්සත් රාජධානියද සියවැසියන්ට දැනුම් දී ඇත්තේ බංගලාදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.
බංගලාදේශ සරසවි තුළ අධ්‍යාපනය ලැබීමට පැමිණි විදේශීය සිසුන් නැවත තම රටවලට කැඳවා ගැනීම සඳහා රටවල් කිහිපයක්ම මේ වන විට පියවර ගනිමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර විදේශ අමාත්‍යංශය සඳහන් කළේ බංගලාදේශයේ ඉගෙනුම ලබන ශ්‍රී ලංකා සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.



Rebuilding Sri Lanka අරමුදලේ වත්මන් තත්ත්වය
ශාක්‍යමුණි සර්වඥ ධාතු වන්දනාවට සියලු කටයුතු සූදානම්
ප්‍රසන්න රණතුංගට අධිකරණයෙන් ලැබුණු සහනය
වෛද්‍ය වර්ජනය තවදුරටත්! වර්ජනයට හේතු වූ ඉල්ලීම් මෙන්න!
ආපදා සහන ගැන අලුත් චක්‍රලේඛයක්
ඉදිරි පැය 36 සඳහා කාලගුණයෙන් අනාවැකියක්
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයින් පත් කෙරේ
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට දරුණු පරාජයක්
කෑගල්ල – අවිස්සාවේල්ල මාර්ගයේ මාරක අනතුරක්!දෙදරු පියෙක් ජීවිතක්ෂයට!
අනූෂ පැල්පිට රක්ෂිත බන්ධනාගාර ගත කරයි
ශ්‍රී ලංකා යොවුන් ඉනිම ලකුණු 58කට සීමා වෙයි
නවසීලන්ත කණ්ඩායමේ ප්‍රබලයෙක්ට ලෝක කුසලානය අහිමි වෙයි