Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දිගින් දිගටම ඉහළ යන සිසු විරෝධතා හමුවේ බංගලාදේශ අගමැතිනිය ගත් තීරණය

8 months ago 6.2 K

බංග්ලාදේශය තුළ දැනට උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්වය හමුවේ, එරට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා හෙට සිට සිදු කිරීමට නියමිතව තිබූ නිල විදෙස් සංචාර අවලංගු කර තිබෙනවා.

ඒ අනුව ඇය මින් පෙර සැලසුම් කර තිබුණු ස්පාඤ්ඤ හා බ්‍රසීල නිල විදෙස් සංචාර ද්විත්වය අවලංගු කර තිබෙනවා.

රැකියා කෝටාවට එරෙහිව දියත් කරන සිසු විරෝධතා පොලිසියට පාලනය කිරීම නොහැකි පසුබිමක මේ වන විට බංග්ලාදේශය පුරා ඇඳිරි නීතිය පනවා ඇති අතර විරෝධතා පාලනය සඳහා හමුදාව කැඳවීමට ද තීරණය කර තිබෙනවා.

එමෙන්ම එක්සත් රාජධානියද සියවැසියන්ට දැනුම් දී ඇත්තේ බංගලාදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.

බංගලාදේශ සරසවි තුළ අධ්‍යාපනය ලැබීමට පැමිණි විදේශීය සිසුන් නැවත තම රටවලට කැඳවා ගැනීම සඳහා රටවල් කිහිපයක්ම මේ වන විට පියවර ගනිමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර විදේශ අමාත්‍යංශය සඳහන් කළේ බංගලාදේශයේ ඉගෙනුම ලබන ශ්‍රී ලංකා සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *