අතුරුගිරිය ප්‍රදේශයේදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බව කියන තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21ක් වන තරුණියක්.
අදාළ සැකකාරිය අද (21) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
පසුගිය 08 වනදා ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගී වී සිටියදී වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් ක්ලබ් වසන්තව වෙඩි තබා ඝාතනය කළේය.
