19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නියමිත පරිදි සංශෝධනය වී ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
පොළොන්නරුවේදී මාධ්‍ය විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මේ බව කියා සිටියා.
“19 වැනි සංශෝධනය ගැන වඩාත්ම දන්න කෙනා මමයි. මම පොදු අපේක්ෂකයා වෙලා අත්සන් කරපු ගිවිසුම තුළ තිබෙන්නේ, මෛත්‍රීපාල සිරිසේනගේ අවුරුදු හයක කාලයක පහක් කිරීම නොවෙයි, ඉතා පැහැදිලිව තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා සම්මත කරපු අසීමිත රාජාණ්ඩුවක බලතල තියෙන 18 අහෝසි කරලා ජනාධිපතිධුරය සම්පූර්ණයෙන් ම අහෝසි කළ යුතුයි කියලා තමා ඒ ගිවිසුමේ අත්සන් කළේ.
මම බොහෝම පැහැදිලිව කියන්නට ඔනේ. 18 වැනි සංශෝධනය හුඟ දෙනෙකුට අමතක වෙලා 19 ගැන විතරක් කතා කරනවා. 18 අහෝසි කරලා 19 සම්මත කිරීම තුළ මගේ නීතිඥයා විදිහට ජයම්පති වික්‍රමරත්න මහත්මයා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කිව්වෙත්, මෛත්‍රීපාල සිරිසේනගේ අවුරුදු හය පහක් කරන්න කියලා නෙවෙයි.
එයා කිව්වෙත් පාර්ලිමේන්තුවේ සම්මත වුණෙත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ජනාධිපතිවරයාගේ කාල සීමාව අවුරුදු හය, පහ කළ යුතුයි කියලා. ඒ අනුව තමා ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නේ. බලතල මෙච්චර ප්‍රමාණයක් තමා අඩු කරන්න පුළුවන්. එතනින් එහාට යනවා නම් ජනමත විචාරණයක් තියන්න ඔනේ. හය, පහ කරන්න පුළුවන්.
ඒ වගේ ම තමා, ඒ අවස්ථාවේ දී නීතිවේදීන් බොහෝ අය ප්‍රකාශ කළ දෙයක් තමයි, තියෙන කාලය අඩු කරන්න පුළුවන් ජනමත විචාරණයක් නැතිව. හැබැයි හය, හත කරන්න ගියොත් එහෙම ජනමත විචාරණයක් ඔනේ කියලා.. පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දුන්නෙත්, පාර්ලිමේන්තුවේ සම්මත වුණෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ජනාධිපතිවරයා සතු කාල සීමාව හය, පහ කිරීමක් කියලා බොහෝම පැහැදිලිව කියන්න ඔනේ.”
