සැලසුම් කළ පරිදි අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය හෙට (22) ආරම්භ කරන බව ගුරු විදුහල්පති ඒකාබද්ධ සන්ධානය පවසනවා.
එහි සම කැඳවුම්කරු ජෝෂප් ස්ටාලින් වැඩිදුරටත් කියා සිටියේ සිය වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් සමග පැවැත් වූ සාකච්ඡාව අසාර්ථක වූ බැවින් වෘත්තිය ක්‍රියා මාර්ගය ආරම්භ කරන බවයි.
සිය වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා ගුරු විදුහල්පතිවරුන් පසුගිය 09 වනදා ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත විය.