Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සජිත්ට හා අනුරට රනිල්ගෙන් ආරාධනයක්

7 months ago 3.2 K

ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් විය යුතු බවට වන යෝජණාවක් ඊයේ (21) පස්වරුවේ සම්මත කර ගෙන තිබෙනවා.

ඒ “එක්ව ජය ගමු – අපි ගම්පහ” ජන හමුවේදීයි.

ගම්පහ දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ අතර එහිදි සියලු දෙනා දෑත් ඔසවා එය එකමතිකව සම්මත කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

එම යෝජනාව සම්මත කරන මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති, ඇමතිවරුන් 28 දෙනෙකු එම වේදිකාවේ අසුන්ගෙන සිටීමද විශේෂත්වයකි.

මෙම රැස්වීම අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේ රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතු බවයි.

එමෙන්ම එම ගමනට තමන් සමග එක්වන ලෙස සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායකට තමන් ආරාධනා කරන බවත් ජනාධිපතිවරයා මෙම ජන හමුවේදි පැවසුවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *