ලෝක වෙළද පොළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහළ යමින් පවතිනවා.
ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 3.25%කින් පහළ ගොස් ඇති අතර, එය ඩොලර් 80. 13ක් ලෙස සටහන් වී තිබෙනවා.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 82.63 ලෙස දැක්වෙන අතර එය 2.48% පහළ යෑමක්.
මාසිකව සිදු කරන මෙරට ඉන්ධන මිල සංශෝධනයද එළැඹෙන 31 වනදා මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිතය.
