අද සිට දේශීය බිත්තරයක් රුපියල් 42කට වෙළෙඳ පොළට නිකුත් කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
මේ වන විට රුපියල් 50ද ඉක්මවා ඇති බිත්තරයක මිල මෙලෙස අඩු කෙරෙන්නේ යළිත් වරක් බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කර ඇති පසුබිමකයි.
පසුගිය වසරේ සිට බිත්තර මිල වාර්තාගත ලෙස ඉහළ යාම හමුවේ පාරිභෝගිකයින් දැඩි අපහසුතාවට පත්වීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගත්තා.
ඒ අනුව සතොස හරහා සහන මිලකට බිත්තර මිල දී ගැනීමට ජනතාවට හැකි වූ අතර, මාස 3 ක පමණ කාලයක සිට සතොස වෙළෙඳ සැල් වල බිත්තර නොමැති බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළා.
ඒ හේතුවෙන් යළිත් වෙළෙඳ පොළේ බිත්තර මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
කෙසේවෙතත් බිත්තර මිල පාලනය කිරීම සඳහා ඉදිරියේ දී යළි බිත්තර මෙරටට ආනයනය කිරීමට රජය තීරණය කර බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය අද දිනය ගැනීමට නියමිතව පවතිනවා.
