එළැඹෙන ජනාධිපතිවරණය සඳහා දමිළ පක්ෂ නියෝජනය කරමින් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් තීරණය කර තිබෙනවා.
ඒ අනුව, ඒ සම්බන්ධයෙන් ගිවිසුමකට අද (22) දිනයේ යාපනයේ පිහිටි තන්දෛ චෙල්වා ශාලාවේදී අත්සන් තබා තිබෙනවා.
මීට පෙර වසරවල පත් වූ ජනාධිපතිවරුන් සිය ඉල්ලීම් ඉටු නොකළ බව ද ඔවුන් චෝදනා කර සිටියා.
පාර්ලිමේන්තු මන්ත්රී සී.වී විග්නේෂ්වරනගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා ජාතික සංධානය ප්ලොට් සංවිධානය, ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ, ටෙලෝ සහ සිවිල් සංවිධාන ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් ඉදිරි ජනාධිපතිවරණය සඳහා මෙලෙස පොදු දෙමළ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට යාපනයේ දී එකඟතාවකට පැමිණ ඇත්තේ.
ඒ අනුව නාමයෝජනා භාරදීමේ දිනයන් ප්රකාශයට පත් කළ පසු පොදු අපේක්ෂකයා ප්රකාශයට පත් කිරීමට නියමිතයි.