කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවැත්වෙන මැලේසියාවට එරෙහි තරගයේදී වාර්තාගත ශතකයක් රැස්කිරීමට චමරි අතපත්තු සමත් වුණා.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 04ක් දැවී ලකුණු 184ක් රැස්කිරීමට සමත් වුණා.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ චමරි පන්දු 69කට මුහුණ දෙමින් ලකුණු 119ක් රැස් කළේය. ඇගේ ඉනිමට හයේ පහර 07ක් හා හතරේ පහර 14ක් අන්තර්ගත විය.
මෙය චමරි අතපත්තුගේ තෙවෙනි විස්සයි විස්ස ශතකයයි.
මෙය ඇගේ ඉහළම විස්සයි විස්ස ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා පොත් අතරට එක් විය.
ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ක්‍රීඩකාවක් වාර්තා කළ පළමු හා එකම ශතකය ලෙස මෙය ඉතිහාසයට එක් විය.
මීට පෙර එහි ඉහළම ඉනිම ක්‍රීඩාකර තිබුණේ ඉන්දීය හිටපු නායිකාවක වන මිතාලි රාජ් වන අතර, ඇය පන්දු 69කින් නොදැවී ලකුණු නොදැවී 97ක් රැස්කර තිබුණි.
