දින කිහිපයක සිට ලිට්‍රෝ ගෘහස්ථ ගැස් හිඟයක් හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රධාන නගරවල පවතින බව වාර්තා වනවා.
ඒ හේතුවෙන් ජනතාව මෙන්ම ගෑස් අලෙවි නියෝජිතයන්ද දැඩි පීඩාවකට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
ලිට්‍රෝ ගැස් සමාගම විසින් අලෙවි නියෝජිතයන්ට ඉල්ලුමට සරිලන ගැස් තොග නිකුත් නොකිරිම හේතුවෙන් මෙම ගෑස් හිඟය හටගෙන ඇති බවටයි අලෙවි නියෝජිතයන් චෝදනා කරන්නේ.
එමෙන්ම නියමිත කාල සටහන අනුව ගැස් තොග බෙදා නොහැරීමද මීට හේතු වී ඇති බව ඔවුන් පවසනවා.
තම අලෙවි නියොජිත ආයතන සතු හිස් ගෑස් සිලින්ඩර් පවා ආයතනය විසින් රැගෙන ගිය බවත්, එම හිස් ගෑස් සිලින්ඩර් වලට අදාල ගෑස් පිරවු සිලින්ඩර් සති කිහිපයක සිට ලබා නොදුන් බවද අලෙවි නියෝජිතයන් සඳහන් කර තිබෙනවා.
