ලබන වර්ෂයට අදාළ පාසල් පෙළපොත් අද (23) දිනයේ ප්‍රාදේශීය ගබඩාවලට නිකුත් කිරීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, ලබන වර්ෂයට අදාළ පාසල් නිල ඇඳුම් සියල්ල චීන රජය විසින් සැපයීමට එකඟතාව පළකර ඇති බවය.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ප්‍රධාන පෙලේ ජාතික පාසල් හැරුණු විට සෙසු සියළු පාසල් සඳහා දිවා ආහාරය ලබාදීමට රජය කටයුතු කොට ඇති බවත් ලක්ෂ 17ක සිසු දරුවන් ප්‍රමාණයක් එම ප්‍රතිලාභය ලබන බවයි.
