පසුගියදා පැවැති අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසයේදී ලබා දීමට විභාග දෙපාර්තමේන්තුව සූදානම් ව සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත පවසනවා.
හෝමාගම දී මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත පැවසුවේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට සියලු දීමනා වැඩි කළ බවයි.
2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 6 වනදා මැයි 15 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3527කදී පැවැත්විණි.
මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 452,979ක් ඉදිරිපත් විය.
