ඉදිරි ජනාධිපතිවරණයට පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ජය ගන්න කෙනා පත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව පැවසුවේ අද (23) ඉදිරි ජනාධිපතිවරණයේ පොදු ජන පෙරමුණ සහාය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමින්.
සිය පක්ෂයෙන් ඉදිරිපත් වන්නට අපේක්ෂකයින්ගෙන් නම් කිහිපයක් යෝජනා වී ඇතත් තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව හෙතෙම කියා සිටියා.
“මේ කාලේ ජනාධිපතිවරණය ගැන තමා සාකච්ඡා කරන්නේ. අපි වෙලාවට ප්‍රකාශ කරන්නම්. අපේක්ෂකයා කවුද කියලා තාම අපි තීරණය කරලා නැහැ. දිනන්න පුළුවන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. පොහොට්ටුවේ කෙනෙක් වෙන්න පුළුවන්.”
මාධ්‍යවේදීයා – රනිල් මහත්තයා නෙවෙයි ද.?
“මං දන්නේ නැහැ කොහොමද කියලා. මැතිවරණය තියනවා.
මාධ්‍යවේදීයා – 22 සංශෝධනය එක්ක මැතිවරණය කල් යයි ද.?
“ඒ ගැන කියන්න දන්නේ නැහැ. බලමු. කල් යන්න නොදී මැතිවරණය තියයි කියලා බලාපොරොත්තු වෙනවා.
මාධ්‍යවේදීයා – පොහොට්ටුවේ ජයග්‍රහණය මොන වගේ මට්ටමක ද තියෙන්නේ.?
“ඉහළම මට්ටමේ.”
මාධ්‍යවේදීයා – ඔබතුමාට විශ්වාසයි ද ජයග්‍රහණය කරයි කියලා
“අනිවාර්යයෙන්ම.”
මාධ්‍යවේදීයා – රනිල් වික්‍රමසිංහ මැතිතුමානේ අනිවාර්යයෙන් ම එන්නේ.?
“නැහැ. එක එක්කෙනාගේ නම් තියෙනවා. ධම්මික පෙරේරා, අර පෙරේරා කියලා හැම කෙනාගේම නම් තියෙනවා.”
මාධ්‍යවේදීයා – ඔබතුමාගේ හිතේ කවුද ඉන්නේ.?
“මගේ හිතේ තියෙන එක දැන්ම ම කියන්නේ නැහැ. වෙලාවට කියන්නම්.”
මාධ්‍යවේදීයා – නාමල් මහත්තයාට තව ටික දවසක් තියෙනවා ද.?
“ඒක නාමල්ගෙන් අහන්නකෝ. කල් තියෙනවද කියලා එයාගෙන් අහන්නකෝ. එයාගෙන් බලාපොරොත්තුවක් තියෙනවාද කියලා දන්නේ නැහැ. එයාගෙන් අහන්න මගෙන් අහන්න එපා.“
