Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනාධිපතිවරණය ගැන ජනපතිගෙන් සහතිකයක්

10 months ago 4.4 K

මේ වනවිටත් මුදල් වෙන්කර ඇති නිසා අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ යළි සහතික වී තිබෙනවා.

විපක්ෂයේ කණ්ඩායම් විසින් කඩිනම් මහ මැතිවරණයක් පවත්වනු ඇති බවට ප්‍රකාශ කළද ඒ සඳහා අයවැයෙන් මුදල් වෙන් කර නොමැති බවයි ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

අයවැයෙන් රුපියල් බිලියන දහයක් වෙන් කර ඇත්තේ ජනාධිපතිවරණයකට බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.

ඔහු මේ බව පවසා සිටියේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සමග පැවති හමුවකදීයි.

මේ අතර කල්දමා ඇති පළාත් පාලන ඡන්ද විමසීමට අදාලව නාම යෝජනා භාර දී ඇති අපේක්ෂකයින්ට පත්වීම් ප්‍රදානය කර ඇති බවට වන පැමිණිලි, තවදුරටත් මැතිවරණ කොමිසමට ලැබෙන බවයි එම කොමිසම පෙන්වා දෙන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *