Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බේරේ වැවේ කුරුළු දූපත වසර 50කට බදු දෙයි

8 months ago 3.5 K

කොළඹ බේරේ වැවෙහි පිහිටි කුරුලු දූපත පිහිටි ඉඩම් කොටස සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ජිනරතන භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ කාරක සභාව වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

බදු දීමට සැරසෙන මෙම ඉඩම් කොටස නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින අතර එය පර්චස් 143ක වපසරියකින් යුක්තයි.

ගංගාරාම විහාරාධිපති හිමියන්ගේ ඉල්ලීමක් අනුව මෙය සිදු කර ඇත.

කෙසේ නමුත් දැනට ඌන උපයෝජිත තත්ත්වයේ පවතින මෙම ඉඩම් කොටස බෞද්ධ පුදබිමක් ලෙස හා සංස්කෘතික උරුමයන් ප්‍රදර්ශනය කෙරෙන ආකර්ෂණීය සංචාරක ස්ථානයක් ලෙසින් සංවර්ධනය කිරීමට නියමිතය.

ඒ අනුව එකී ඉඩම් කොටස සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ජිනරතන භික්ෂු අභ්‍යාස විද්‍යාලය කාරක සභාව වෙත රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් තීරණය කරනු ලබන බදු වටිනාකම මත පදනම්ව අවුරුදු 50ක කාලසීමාවක් සඳහා ලබා දීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *