Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මැතිවරණයේදී වැරදි වැඩ කළොත් සෙල්ලම් නෑ! රු.500යේ දඩය ලක්ෂ දහය දක්වා වැඩි කරමින් ගැසට්ටුවක්!

11 months ago 1.9 K

මැතිවරණයකදී අල්ලස් දීමේ වරදකට පනවනු ලබන දඩ මුදල රුපියල් 500යේ සිට රුපියල් ලක්ෂ 10ක් දක්වා ඉහළ දැමීමට අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතින් යෝජනා කර තිබෙනවා.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ සඳහන් දඩ මුදල් වර්තමාන මුදල් අගය මත පදනම්ව වැඩි කිරීමට හැකි වන පරිදි එම පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙන බව පැවසෙනවා.

ඒ අනුව ඊට අදාළ පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නියමය පරිදි මේ වනවිට ගැසට් කර ඇති බව සඳහන්.

ඒ අනුව ඡන්ද විමසීමක් සම්බන්ධයෙන් අල්ලස් ලබාදීමක දී මෙතෙක් පැවති රුපියල් 500යේ දඩ මුදල රුපියල් මිලියනය දක්වා ඉහළ දැමීමට සහ සංග්‍රහ කිරීමෙන් අල්ලස් ලබාදීමකදී රුපියල් 200ක් වූ දඩ මුදල රුපියල් 750,000ක් දක්වා ඉහළ දැමීමට අදාළ සංශෝධනයෙන්, යෝජනා කර තිබෙනවා.

ඡන්ද විමසීමක දී අයුතු බලපෑම් සිදුකිරීමක් සම්බන්ධයෙන් වන වරදකට පැවති රුපියල් 500ක දඩය රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට යෝජනා කර ඇති බව සඳහන්.

එමෙන්ම ඡන්ද විමසීමකදී අන් අයෙකුගේ නාමයෙන් පෙනී සිටීමේ වරදකට අදාළව පැවති රුපියල් 300ක දඩය රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට ද අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතින් යෝජනා කර තිබෙනවා.

එම පනත් කෙටුම්පත ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *