Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තවත් පිරමීඩ ජාවාරමක් පිළිබ්ඳ තොරතුරු හෙළි වෙයි! පුද්ගලයින් 5500කගේ ලක්ෂ 35,000කට විඳලා! හසුවෙන්න පෙර ඔබත් දැනුවත් වෙන්න!

8 months ago 4.1 K

පිරමීඩ ජාවාරමක් හරහා රුපියල් කෝටි 350ක මුදලක් වංචා කළ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් එම මුදල වංචා කර ඇත්තේ R3Fයන යෙදුම භාවිත කරමිනි.

Ride To Three Freedom Sri Lanka නොහොත් R3F යන යෙදුම මගින් ඩිජිටල් මුදල් භාවිතය හරහා සිදුකරන පිරමීඩ ජාවාරමකින් සිදුකරන මුල්‍ය වංචාවක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි රැසක් ලැබී තිබුණි.

R3F යෙදුම හරහා විශාල වශයෙන් මුදල් උපයාගත හැකි බවට ජාවාරම්කරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර සිදුකර තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ ජවාරමට පුද්ගලයන් 5,500ක් පමණ හසුවී ඇති බවය.

මේ හරහා ගිණුම් 31,000ක් පමණ සකස් කර ඇති අතර පාරිභෝගිකයන්ට ජාවාරම්කරුවන් පවසා ඇත්තේ, ආයෝජනය කරන මුදල මෙන්  සිව්ගුණයක් මාස 10කදී උපයාගත හැකි අතර දෛනිකව 1%ක ලාභාංශයක් ලබාගත හැකි බවටය.

මෙම ජාවාරම මගින් තමන් රුපියල් කෝටි 350ක පමණ මුදලක් වංචා කළ බව ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් අනාවරණ කර තිබුණි.

ඉන් රුපියල් කෝටි 50ක පමණ මුදලක් මුල් කාලයේදී ලාභ ලෙස පාරිභෝගිකයන්ට ලබාදුන් බවත්, තවත් මුදල් ප්‍රමාණයක් මෙවැනිම පිරමීඩ ක්‍රමවේදයන්ට ආයෝජනය කළ බවත් සැකකරුවන් පවසා තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *