Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ක්ලබ් වසන්ත ඝාතනයට සැකපිට තවත් දෙකක් අත්අඩංගුවට! බිරිඳ යළිත් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරයි!

10 months ago 6.6 K

ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ඝාතනය කර තවත් සිව්දෙනෙකුට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (23) සවස අතුරුගිරිය හා බත්තරමුල්ල ප්‍රදේශවලදී එම අපරාධයට අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලීසිය වෙත ඉදිරිපත් කර තිබේ.

එක් සැකකරුවෙක්, වෙඩික්කරුවන් හා ඔවුන් පැමිණි කාර් රථයේ රියදුරු කොරතොට ප්‍රදේශයේ සිට වැලිහිඳ ප්‍රදේශය දක්වා වෑන් රථයකින් රැගෙන ගොස් බස් රථයකට නංවා එම වෑන් රථය බුලත්සිංහල ප්‍රදේශයට රැගෙන ගොස් සඟවන ලද වෑන් රථ රියදුරු වේ.

අනෙක් සැකකරු ඉන් අනතුරුව වෙඩික්කරුවන් සහ කාර් රථයේ රියදුරු වැලිහිඳ ප්‍රදේශයේ සිට දක්ෂිණ අධිවේගය හරහා දික්වැල්ල ප්‍රදේශය දක්වා බස් රථයකින් රැගෙන ගොස් එම බස් රථය සෙල්ලකතරගම ප්‍රදේශයට රැගෙන ගොස් අතහැර දමා සැඟව සිටි බස් රථයේ රියැදුරු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බස් රථයෙහි රියදුරු වන්නේ අහුංගල්ල වැලිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 36 හැවිරිදි පුද්ගලයකු වන අතර එම සැකකරු ලොකු පැටී නැමැති අපරාධකරුගේ ඥාති කාන්තාවක සමඟ විවාහ වී සිටින අයකු බවද එම සැකකරු අදාළ කාලය තුළ විදේශ රටක සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සමග වට්ස්ඇප් මගින් සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 26 හැවිරිදි සහ 36 හැවිරිදි වැලිපැන්න සහ අහුංගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

මේ අතර අතුරුගිරිය ප්‍රදේශයේ දී පසුගිය 08 වැනිදා සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ක්ලබ් වසන්තගේ බිරිඳ ඊයේ (22) යළිත් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.

ඒ, ඇයගේ තත්ත්වය යළිත් තරමක් දුරට අයහපත් තත්ත්වයට පත්වීම හේතුවෙන් බවටයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *