Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දරුණු ගුවන් අනතුරක්! 18 දෙනකු මිය යයි!

9 months ago 7.3 K

නේපාලයේ කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුර සිදුව ඇත්තේ කත්මන්ඩු අගනුවර, යානය ගුවන්ගත කිරීමේදී බව සඳහන්.

අනතුරට ලක්වන විට එම යානයේ කාර්ය මණ්ඩලයේ 2ක් ඇතුළුව 19 දෙනෙක් ගමන්කරමින් සිටි බව සඳහන් ය.

අනෙක් 17 දෙනා වෙනත් ගුවන්යානයක් අලුත්වැඩියා කිරීම සඳහා පොකාරා ගුවන්තොටුපොළ වෙත යමින් සිටි සෞර්යා ගුවන්සේවයේ සේවක පිරිසකි.

ඔවුන් ගුවන් සමාගමේ තාක්ෂණික කාර්ය මණ්ඩලය බව සඳහන්.

අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් කත්මන්ඩු පොලිස් මාධ්‍ය ප්‍රකාශක විදෙස් මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණේ, අනතුරින් ගුවන් නියමුවා හිසට තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *