සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් මුවාවීමේ විරල සංසිද්ධියක් අද (24) මධ්‍යම රාත්‍රියේ සිදුවනවා.
එය මධ්‍යම රාත්‍රිය පසුවී මිනිත්තු 50කට පසු ආරම්භ වන අතර, අලුයම 2.10තෙක් ශ්‍රී ලාංකිකයන්ට දැකගත හැකියි.
ඒ වෙනුවෙන් ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා නිරීක්ෂණාගාරය සහ දුරේක්ෂය අද රාත්‍රී 11.00 සිට ජනතාවට විවෘතව පවතිනවා.
චන්ද්‍රයාගෙන් මුවාවූ සෙනසුරු ග්‍රහයා නැවත දිස්වීමට පටන් ගන්නේ අලුයම 2.20 ටයි.
මෙම සිදුවීම නිවසේ සිට පියවි ඇසින් හෝ දුරේක්ෂයක් භාවිතයෙන්ද දැකගත හැකි බවයි ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

