ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් 2026 වසරෙ පැවැත්වෙන මීළඟ විස්සයි විස්ස ලෝක කුසලානය සදහා වන ශ්‍රී ලංකා කණ්ඩායම්ව්ව් සැලසුම් වල නොමැති බව තේරීම් කමිටු සභාපති උපුල් තරංග පවසනවා.
අද (24) පැවති විශේෂ මාධය සාකච්චාවකට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
උපුල් තරංග මෙහිදී පවසා සිටියේ ඔහු ඇතුලු තේරීම් කමිටුව ඔහු සමග මීට පෙර ඇන්ජලෝ මැතිව්ස්ගේ T20 ජීවිතය ගැන සාකච්ඡා කළ අතර ඔහු ඉදිරියේදී පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානයේ සැලසුම් වල නොමැති බවයි.
එළැඹෙන ලෝක කුසලානය වෙනුවෙන් සහ අනාගතය වෙනුවෙන් නවක තුන් ඉරියව් ක්‍රීඩකයන් හට අවස්ථාව දීම වෙනුවෙන් ඔවුන් මෙම තීරණය අපහසුවෙන් වුවත් ගත් බව ඔහු වැඩි දුරටත් සඳහන් කළා.
