Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නාමල් ජනපතිගෙන් අගමැතිකම ඉල්ලයි

6 months ago 7.3 K

ජනපති  අපේක්ෂකයා ලෙස වෙනත් පක්ෂයක අයෙක් ඉදිරිපත් කරනවා නම් තම පක්ෂයට අගමැතිකම ලැබිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක  පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ  නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

එවැනි තනතුරක් ලබා දෙන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එම අපේක්ෂකයා සාකච්ඡා කළ යුතු බවද ඔහු පවසනවා.

නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ පැවති පොදුජන පෙරමුණේ රැස්වීමක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.

“මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය ගැසට් කළාට පස්සේ  රටට ගැලපෙන අපේක්ෂකයා  තෝරා ගැනීමට බලාපොරොත්තු වෙනවා. අපි තෝරා ගන්නා අපේක්ෂකයා රටේ ආර්ථිකය ශක්තිමත් කරන , අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන , අපේ දේශපාලන කඳවුර ගැන මනා අවබෝධයක් තිබෙන කෙනකු   විය යුතුයි. එසේ නිර්මාණය වන ආණ්ඩුව තුළ  පක්ෂයට තිබෙන  තැන  ගැන අපි තීරණය කළ  යුතු වෙනවා.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *