Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නව පොලිස්පති ලලිත් පතිනායක ?

7 months ago 10.3 K

දේශබන්දු තෙන්නකෝන් මහතා  සම්බන්ධයෙන්   ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය  හේතුවෙන්  පුරප්පාඩු වන පොලිස්පති ධූරය සඳහා මධ්‍යම පළාත් භාර  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත් කිරීමට වැඩි ඉඩකඩක් පවතින බව පොලිස් දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසනවා.

පොලිස් දෙපාර්තමේන්තුවේ මීළඟට සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ලෙස සැලකෙන්නේ ලලිත් පතිනායක මහතාය.

පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ඒ මහතාට එරෙහිව එල්ල වූ චෝදනාවලින්ද ඔහුව පසුගියදා නිදොස් කොට නිදහස් කෙරිණි.

ඒ ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් පත් කෙරුණු විනිසුරු මඩුල්ලක් විසින්.

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්  වන්නේ ප්‍රියන්ත වීරසූරිය, සංජීව ධර්මරත්න, සජීව මැදවත්ත, දමින්ද ශ්‍රී රාජිත,  කිත්සිරි ජයලත්, රන්මල් කොඩිතුවක්කු සහ අජිත් රෝහණ යන මහත්වරුන්‍ ය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *