ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සහ නාම යෝජනා කැඳවීම සිදුකරන දිනය පිළිබඳ අවසන් තීරණය ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද(25) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.
එහිදී ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ.
ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය මෙම සති අන්තයට පෙර නිවේදනය කරන බවයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය මුලික කටයුතු මේ වන විටත් අවසන් කර ඇති බවයි.
