Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වැරදි කළොත් රියදුරු බලපත්‍රය අහිමිවීමේ අවදානමක්! අසාධු ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක්!

8 months ago 3.1 K

රියදුරු බලපත්‍ර සඳහා අසාදු ලකුණු ලබා දීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට ටෙන්ඩර් නිකුත් කර මුලික ඇගයීම් කටයුතු පවත්වාගෙන යමින් තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ද මහතා ප්‍රකාශ කරනවා.

ලොව අනිකුත් රටවල අනුගමනය කරන ක්‍රමවේදයකට අනුව අසාදු ලකුණු ලබා දීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

එමඟින් රථ වාහන අනතුරු අවම කර ගැනීමත්, මහාමාර්ගය තුළ රියදුරන්ගේ විනයක් ඇති කිරීමත් බලාපොරොත්තු වෙන බව ඔහු අවධාරණය කර සිටියා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කළේ ඉදිරි මාස තුන ඇතුළත අසාදු ලකුණු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට කටයුතු ආරම්භ කරන බවයි.

මාර්ග රිය අනතුරු සැළකිල්ලට ගැනීමේ දී 75% කට වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ රියදුරන්ගේ සහ පදිකයින්ගේ තිබෙන නොසැලකිලිමත්කම හේතුවෙන් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

මෙමඟින් මහාමාර්ගයේ සිදු වන වරදකට අදාළව පොලිස් නිලධාරීන් විසින් දඩ පත්‍රිකාවක් නිකුත් වන සෑම පුද්ගලයෙකුටම එම වරදට අදාළව වරදේ ස්වභාවය අනුව රියදුරු බලපත්‍රයට අසාදු ලකුණු එකතු කිරීම සිදු වනවා.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉදිරි වැඩපිළිවෙළ සහ වර්තමාන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *