Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වහාම ක්‍රියාත්මක වන පරිදි අධ්‍යවශ්‍ය භාණ්ඩ නවයක මිල අඩු කෙරේ

9 months ago 8 K

වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ උපදෙස් පරිදි රාජ්‍ය අංශය සතු එකම සුපිරි වෙළඳ සැල් ජාලය වන ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහල දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව, පහත සඳහන් භාණ්ඩවල මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට අද (25) දින සිට ලබාගත හැකිය.

සතොස කිරිපිටි 400g පැකට්ටුවක පැවති මිල රුපියල් 950ක් වු අතර නව මිල රුපියල් 910කි.

මුං ඇට කිලෝවක පැවති මිල රුපියල් 998 ක් වූ අතර නව මිල රුපියල් 965කි.

හාල්මැස්සන් කිලෝවක පැවති මිල රුපියල් 978 වූ අතර නවමිල රුපියල් 950කි

ඉන්දියානු ලොකු ලුණු කිලෝවක පැවති මිල රුපියල් 305ක් වූ අතර නව මිල රුපියල් 285කි.

කඩල කිලෝවක පැවති මිල රුපියල් 455ක වූ අතර නව මිල රුපියල් 444කි.

පාන් පිටි කි‍ලෝවක පැවති මිල රුපියල් 190 ක් වූ අතර නව මිල රුපියල් 185කි.

සුදු සීනි කිලෝවක පැවති මිල රුපියල් 263ක් වූ අතර නව මිල රුපියල් 258කි.

සුදු කැකුළු සහල් කිලෝවක පැවති මිල රුපියල් 204 ක් වූ අතර නවමිල රුපියල් 199කි.

පාකිස්ථාන ලොකු ලුණු කිලෝවක මිල රුපියල 190ක් වූ අතර නව මිල රුපියල් 185කි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *