Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අද සිට වැස්ස වැඩිවෙන පළාත් මෙන්න

11 months ago 4.3 K

දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (26) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි වාර්තා වෙන්නේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50-55ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *