ඉදිරි ජනාධිපතිවරණ සමය තුළදී සති දෙකකට වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට සිදු වුවහොත් එම කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නීති උපදෙස් ලැබී ඇත.
ඒ අනුව තමා මෙම කටයුතුවලට මැදිහත්වීමෙන් වැළකී සිටින බව ජනාධිපතිවරයා විසින් මීට සුළු මොහොතකට පෙර කථානායකවරයා වෙත දැනුම් දී තිබේ.
පසුගිය (24) වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
මෙවැනි තත්ත්වයක් මත ජනාධිපතිවරණ සමයේදී පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු මෙහෙයවීම අර්බුදයක් වන ලකුණු මතු වී තිබේ.
