2022 වසරේ ජූලි මස 09 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයට අරගලකරුවෙක් අයුතු ඇතුළුවීමේ සිද්ධියෙන් ඇප මත මුදා හැර ඇති රංගන ශිල්පිනී දමිතා අබේරත්න ඇතුළු කාන්තාවන් තිදෙනාගේ රුධිර සාම්පල ඩී එන් ඒ පරීක්ෂණයක් සදහා ලබන 27 රජයේ අධිකරණ වෛද්‍ය වරයා හමුවට ඉදිරිපත් යොමුවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි අද (26) නියෝග කළා.
පසුගිය මාර්තු මාසයේ ඇය ඇතුළු කාන්තාවන් තිදෙනෙකුට එහි යන ලෙස පුර්වගාමී විනිසුරුවරයා කළ නියෝග ප්‍රකාරව ඇය එහි පෙනී සිට නැතැයි කොළඹ උතුර අපරාධ කොට්ඨාශය කළ කරුණු දැක්වීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මේ නියෝගය සිදු කර තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබී හමු වූ සනීපාරක්ෂක තුවා හය සම්බන්ධයෙන් විමර්ශන කිරීමට රුධිර සාම්පල ලබා දෙන ලෙස සැකකාරියන් තිදෙනාට නියෝග කරන ලෙස කොළඹ උතුර අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් පසුගිය දිනයේ ඉල්ලිම් කළ අවස්ථාවේ දමිතා අබේරත්න වෙනත් නඩුවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව ගතව සිටි බව නීතීඥ තිළිණ වීරසිංහ අධිකරණයට දන්වා තිබුණා.
පෙර දින මෙලෙස නියෝග නිකුත් කෙරුණේ දමිතා අබේරත්න, නෝනා මුරින් සහ සචිනි කෞශල්හ යන කාන්තාවන් තිදෙනාටයි.
මෙම නඩුවේ 17 වන සැකකරු ලෙස ඇප මත මුදා හැර ඇති කොස්වතේ මහානාම හිමි සිවුරු හැර ඇති බවත්, ගිහි නම ගිහාන් දුමින්ද අමරසිරි ලෙස නඩු ගොනුවක් ඇතුළත් කරන ලෙසත්, පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.
ඇප මත මුදා හැර ඇති අධිකරණයේ පෙනී නොසිටි හයවන සැකකරුට වරෙන්තු නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය ඇපකරුවන්ට නොතිසි නිකුත් කර තිබුණා.
මෙම නඩුවේ ඇප මත මුදා හැර ඇති සැකකරුවන්වන රතිදු සේනාරත්න නොහොත් රැට්ටා, දුමින්ද නාගමුව, ජෝසප් ස්ටාලින්, වසන්ත සමරසිංහ, දමිතා අබේරත්න, වසන්ත මුදලිගේ, මංගල පුෂ්ප කුමාර, ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු ඇප මත මුදා හැර ඇති සැකකරුවන් 41 දෙනෙක් අධිකරණයේ පෙනී සිට තිබෙනවා.
නීතිපති උපදෙස් සදහා ලබන දෙසැම්බර් මස 13 යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
