සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් සංවිධායකවරයෙකු ලෙස කුමාරසිරි හෙට්ටිගේ මහතා පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (26) කටයුතු කළේය.
ඒ මහතා මීට පෙර හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර දීර්ඝ කාලයක් ඔහු හා සමීපව දේශපාලන කටයුතුවල නිරතව සිටි අයෙකි.
එමෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයකු ලෙස ද ඒ මහතා ප්‍රසිද්ධ පුවත්පත් ආයතනයක කලක් කටයුතු කර තිබේ.

